අස්ථි පිළිකා

ඔබගේ ශරීරයේ යම් ප්‍රදේශයක ඇති සෛල ඉතා වේගයෙන් බෙදීම හා ගුණනය වීම මගින් පිළිකා හටගනී. මෙය මගින් පටක වලින් සෑදුනු ගෙඩියක් හෙවත් පිළිකාව ඇතිවීම සිදුවේ. මෙය ඇතිවීමට නිශ්චිතම හේතුව තවම නොදන්නා මුත් සමහර දේවල් මගින් ඔබට මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාව වැඩි කරයි, ඒවා නම්:

මෙම අවධානම් සාධක වඩාත් කරුණු පහත විස්තර කර ඇත.

විකිරණ චිකිත්සක ප්‍රතිකාර

විකිරණ චිකිත්සාව අතරතුර විකිරණ වලට පෙරදී නිරාවරණය වී ඇත්නම් මෙහි අවධානම කුඩා යැයි සිතුවද මෙය ඔබේ අස්ථි සෛල වල පසු කාලයේදී පිළිකා කාරක වෙනස්කම් ඇති කිරිමට හේතුවිය හැකියි.

අස්ථි වල තත්වයන්

සමහර පිළිකා නොවන අස්ථි වලට බලපෑම් සිදුකරන තත්වයන් ඔබට අස්ථි පිළිකාවක් වර්ධනය වීමේ හැකියාව වැඩිකරන මුත්, තවමත් අවධානම කුඩා වේ. විශේෂයෙන්ම පැජෙට්ගේ අස්ථිවල රෝගය (Paget's disease of the bone) නම් තත්ත්වයේදී වයස අවුරුදු 50-60ත් අයට අස්ථි වල පිළිකා ඇතිවීමේ අවධානම වැඩි කරයි. ඔලියර් ගේ රෝගය (Ollier's disease) වැනි ඔබගේ අස්ථි මත පිළිකා වර්ධනය වැඩි කරන දුර්ලභ තත්වයන් වලට ද ඔබගේ අස්ථි පිළිකා සෑදීමේ අවධානම වැඩි කල හැකිය.

ජානමය තත්වයන්

ලි-ෆ්රොමෙනි (Li-Fraumeni) සහලක්ෂනය නම් ප්‍රවේණික තත්ත්වයේදී ඔබගේ අස්ථි පිළිකා වර්ධනය වීමේ අවධානම මෙන්ම වෙනත් පිළිකා වර්ග කිහිපයක් ඇති කිරීමේ අවධානම වැඩි කරයි. මෙම තත්ත්වයෙන් පෙලෙන අයට සාමාන්‍යයෙන් ශරීරයේ පිළිකා වල වර්ධනය වලක්වන ජානයේ වැරදි පිටපතක් ඇත.

වෙනත් තත්ත්වයන්

ළමා කාලයේ රෙටිනොබ්ලාස්ටෝමා (Retinoblastoma) නම් දුර්ලභ අක්ෂි පිළිකා වර්ගයෙන් පීඩා විදි අයට අස්ථි පිළිකා වර්ධනය වීමේ හැකියාව වැඩිය, මෙයට හේතුව නම් එම ප්‍රවේණිගත වැරදි ජානය තත්වයන් දෙකටම වගකිව හැකි නිසායි. පෙකණියේ හර්නියා (Umbilical hernia) සමග උපත ලබන දරුවන්ට යූවින් සාර්කෝමා (Ewing sarcoma) නම් අස්ථි පිළිකා වර්ගය වර්ධනය වීමේ හැකියාව තුන් ගුණයකින් පමණ වැඩි බව පර්‍යේෂණ මගින් සොයා ගත්තද, තවමත් අවධානම ඉතා කුඩා වේ.